ලොව විශ්ෂිටතම සන්ධානය ගොඩනගන්න ට්‍රම්ප්ගේ ඇරයුම

ජූනි 05, 2019

    ලොව ඇති විශිෂ්ටතම සන්ධානය අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ එක්වීම බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමග ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්. සාකච්ජාව ලන්ඩන් නුවර දී පැවැත්විණ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි දී කියා සිටියේ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු තම රට සමග දැවැන්ත ක්‍රියා කලාපය මත සිදුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේය.

    අමෙරිකාව සමග නව වෙළඳ ගිවිසුමකට එළැඹීමට බ්‍රිතාන්‍යය ද සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ එහි දී කියා සිටියාය. මේ අතර වික්ෂ නායක ජෙරමි කෝබන් සමග සාකච්ජා පැවැත්වීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

     

    Last modified on බදාදා, 05 ජූනි 2019 10:15

    Latest News