ආරක්ෂක මුලස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

නොවැ 01, 2018

    රුසියාවේ වයඹදිග අර්කන්ගෙලස්ක් නගරයේ පිහිටි ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පුපුරණ ද්‍රව්‍ය සමග ඇතුළු වූ 17 හැවිරිදි තරුණයෙකු එය පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ඊයේ සිදුවූ මෙම පිපිරීමෙන් එහි සේවකයින් පිරිසක් ද තුවාල ලබා තිබේ. පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලට ද බරපතල හානි සිදුව ඇත.

    පුපුරණ ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයා සිය ගමන් මල්ල ගොඩනැගිල්ල තුලට ගෙනවිත් එය විවෘත කර, මෙම පිපිරීම සිදුකර ඇති බව සීසීටීවී දර්ශන අනූව තහවුරු කර තිබේ.

    මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව, ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානය පවසයි. නගරයේ සියලු ගොඩනැගිලිවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව, ඔවුන් කියා සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 10:57

    Latest News