පකිස්ථානයට අයි එස් ප්‍රහාරයක්

අගෝ 01, 2023

    අයි එස් සංවිධානය, පකිස්තානයේ වයඹදිග බාජෝර් දිස්ත්‍රික්කයේ දේශපාලන රැලියකට එල්ල  කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම, බාර ගෙන තිබෙනවා.

    ප්‍රහාරයෙන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර,  200 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

    මිය ගිය අයගෙන් 23 දෙනෙකු බාල වයස්කරුවන් බවයි, පකිස්තාන මාධ්‍ය පවසන්නේ. එරට ත්‍රස්ත මර්දන දෙපාර්ත‍මේන්තුව පවසන්නේ, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය කිලෝග්රෑම් 12 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ජමියාත් උලේමා ස්ලාමී ෆසාල් පක්ෂයේ රැලියක් අතරතුර මෙම පිපිරීම සිදු වුණා. එම පක්ෂයේ නායකයෙකු වන මවුලානා සියාවුල්ලා ද ප්‍රහාරයෙන් මිය ගියා.

    Latest News