ඩුබායිවලින් ගෙනආ ලක්ෂ 27ක දුම්වැටි රේගු දැලේ

සැප් 24, 2019

    බුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 27ක්. ගමන් මළු 4ක් තුල දුම්වැටි 44400ක් දුම්වැටි කාටූන් 22ක් ලෙස සඟවා තිබූ බවයි, ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ. 32 හා 34 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනා මොරටුව හා වරකාපොළ පදිංචිකරුවන්. දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 14:00

    Latest News