කැනඩාව වෙලාගත් ලැව්ගින්න

ජූලි 07, 2023

    කැනඩාව පුරා පැතිර යමින් පවතින ලැව් ගිනි හේතුවෙන්, ආර්ථික මෙන්ම මානූෂීය අර්බුධයක් ද පැන නැගී ඇති බව, එරට බලධාරීන් පෙන්වා දෙනවා.

    රට තුළ මේ වන විට ලැව්ගිනි 639 ක් සක්‍රීයව පවතින අතර, ඉන් 351 ක් තවමත් පානය කර ගත නොහැකි මට්ටමේ පවතින බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    ඉකුත් වසරවලට වඩා මේ වසරේදී කැනඩාව පුරා පවතින උණුසුම් සහ වියළි කාලගුණය වාර්තාගත මට්ටමක පවතිනවා.

    බලධාරීන් පවසන්නේ, ඒ හේතුවෙන්, පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ලැව් ගිනි සමය වඩාත් තීව්රණ වී ඇති බවයි.

    පාලනයකින් තොරව ලැව් ගිනි පැතිර යාම නිසා ඉවත් කරන ලද පුද්ගල සංඛ්‍යාව විනාශ වී ඇති භූමි ප්‍රමාණය මෙන්ම, ලැව් ගිනි මැඩපැවැත්වීමට දැරීමට සිදුව ඇති පිරිවැය පෙර වසරවලට සාපේක්ෂව වාර්තා ගත ලෙස ඉහළ ගොසින්.

    තවදුරටත් ලැව් ගිනි ඇතිවීමේ අවදානම සහ එමගින් නිර්මාණය වන අර්බුධකාරී වාතාවරණය තවමත් පහව ගොස් නැහැ.

    ලැව් ගිනිවලින් පිටවන දුමාරය හේතුවෙන් කැනඩාවේ පමණක් නොව, අමෙරිකාවේ ජනතාවට ද සෞඛ්‍යමය ගැටලු ඇතිවීමේ අවදානම පිළිබඳව ද විශේෂඥයින් තවදුරටත් අනතුරු අඟවනවා.

    Latest News