සංක්‍රමණිකයන්ගේ මරණයේ මුහුදු කලාපය

ජූලි 07, 2023

    මේ වසරේ ගත වූ කාලයේදී මධ්‍යධරණී මුහුදු කලාපයේදී සංක්‍රමණිකයින් 950 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ඒ අතර, ළමයින් 49 දෙනෙකු ද සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මධ්‍යධරණී මුහුද ඔස්සේ ස්පාඤ්ඤයට යෑමට සංක්‍රමණිකයින් නිරන්තරයෙන් උත්සහ කරනවා. මියගිය සංක්‍රමණිකයින් රටවල් 14 කට අයත් බව, ඊයේ නිකුත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලින් හෙළි වී තිබෙනවා. කැනරි දූපත් ඔස්සේ ස්පාඤ්ඤයට පිවිසීමේදී වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. එලෙස මියගොස් ඇති සංඛ්‍යාව, 778 දෙනෙක්. ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සංක්‍රමණික බෝට්ටු 19 අතුරුදන්ව ඇති බවයි, එම සංඛ්‍යාලේකන වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News