කැනඩාවෙන් පීඩිත ජනතාව යලි නිවෙස් වෙත

සැප් 07, 2023

    කැනඩාව පුරා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාව නැවත තම නිවෙස් කරා ආරක්ෂිත පැමිණිය හැකි බවට කැනඩා රජය නියෝග කොට තිබෙනවා.

    ඒ අනුව, සති තුනක කාලයකට පසුව තම ගම්බිම් හැර ගිය ජනතාව නැවත නිවෙස්කරා පැමිණීම ඊයේ දිනයේ ආරම්භ කෙරුණා.

    වයඹදිග කැනඩාවේ ප්‍රදේශ රැසකට දරුණු ලැව් ගිනි තත්වයක් මීට සති කිහිපයකට පෙර පැතිර ගියා. ඉන් දරුණුතම බලපෑමට ලක් වූ යෙලෝ නයිෆ් නගරයෙන් 20,000 කට අධික ජනතාවක් ප්‍රදේශයේ මුළුමණින්ම ඉවත් කෙරුණා. ඒ සඳහා දින 3 ක කාලයක් ලබා දුන් අතර, ගුවන් මගින් ජනතාව ඉවත් කිරීමේදී අධිවේගී මාර්ග රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ අනුව, තවත් දින දෙකක් දක්වා එම කාලසීමාව දීර්ඝ කිරීමට බලධාරීන් කටයුතු කළා. නැවත තම නිවෙස්කරා පැවීමට කැමැත්තෙන් සිටින බොහෝ පිරිසකට මෙම අවස්ථාව ඉතා සතුටුදායී පුවතක් බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු නැවත ආරම්භ කොට ඇති අතර, අධිවේගී මාර්ගයේ ආරක්ෂිත මුරපොළවල් ද ඉවත් කොට තිබෙනවා. නගරයේ වෙළෙඳසැල් සහ සේවා සැපයුම් ආරම්භ කිරීමට තවත් දින ගණනාවක් ගත වනු ඇති බව, බලධාරීන් කියා සිටිනවා. ඉදිරියේදී යෙලෝ නයිෆ් නගරය ලැව් ගිනිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා හදිසි ආපදා ක්‍රමවේද ගෙන ඇති බව, බලධාරීන් කියා සිටිනවා.

    Latest News