කැනඩාවේ ළැව් ගිනි එරටපුරා පැතිර යාමේ දැඩි අවදානමක්

ජූනි 29, 2023

    කැනඩාවේ හට ගෙන ඇති ළැව් ගිනි මේ වන විට රටපුරා පැතිර යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

    ළැව් ගිනි 483 ක් ව්‍යාප්ත වී ඇති අතර, ඉන් 250 කට වැඩි ගණනක් පවතින්නේ, පාලනයෙන් තොර තත්වයක පවතින බවයි, ආරක්ෂක අංශ නිවේදනය කර ඇත්තේ.

    කැඩාඩව පුරා හෙක්ටයාර් 8.1 කට වැඩි භූමි ප්‍රමාණයක් ළැව් ගිනි හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. පසුගිය දශකය තුළ සාමාන්‍ය අගයට වඩා එය 21 ගුණයක වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ. ටොරොන්ටෝ සහ ඔටාවා හි ළැව් ගිනි හේතුවෙන්, වායුගෝලයේ ගුණාත්මකභාවය ඉතා අඩු මට්ටමක පවතින බව, සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. කලාපයේ ජනතාවගේ සෞඛ්‍යයට ඉදිරි දින කිහිපය තුළ අවදානමක් පවතින බවටයි, කැනේඩියානු සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. එක්සත් ජනපදයේ කැන්සාස් සහ කෙන්ටනී දේශ සීමා දක්වා ද ඝන දුමාරයේ අවදානම පවතිනවා. දැඩි දුමාරය හේතුවෙන් හෙලිකොප්ටර් යානා ක්‍රියාත්මක කිරීමේ දැඩි දුෂ්කරතාවක් මතුව ඇති බව, ගිනි නිවන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News