උ.කොරියාවේ බොඳවූ සිහිනය

මැයි 31, 2023

    උතුරු කොරියාව පළමු වරට අභ්‍යවකාශගත කල චන්ද්‍රිකාව අසාර්ථක වූ බව එරට රජය පවසනවා. සිදුවූ අනතුරක් හේතුවෙන් එය මුහුඳට කඩාවැටුනු බවයි උතුරු කොරියානු රජය කියා සිටින්නේ.

    අමෙරිකාව විසින් සිදුකරන හමුදා ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සඳහා ඔත්තු බලන චන්ද්‍රිකාවක් යැවීමට සැළසුම් කර ඇති බව උතුරු කොරියාව මීට පෙර සඳහන් කර තිබුනා.

    එය ලබන මස 11 වැනිදා අභ්‍යවකාශගත කරන බවයි, උතුරු කොරියාව මීට පෙර කියා සිටියේ. නමුත් ඊයේ ඔවුන් එය අභ්‍යවකාශගත කළ ද දෝශයක් නිසා සිදුවූ අනතුරකින් එය අසාර්ථක වී තිබෙනවා.

    තමා නැවතත් දෝශ නිවැරදි කරගෙන චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන බවයි, උතුරු කොරියාව පවසන්නේ.

    රොකට්ටුව ගුවන්ගතවීම ආරම්භවීමත් සමග දකුණු කොරියාවේ සෝල් අගනුවරට සහ ජපානයේ ඔකිනාවා නුවරට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 31 මැයි 2023 10:53

    Latest News