තෙවන වරටත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

මැයි 30, 2023

    රුසියානු හමුදාව, යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්කකර අද අලුයම තෙවැනි වරටත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව, යුක්‍රේන බලධාරින් පවසනවා.

    පිපිරීම් සමගින් අගනුවර ගොඩනැගිලි කිහිපයක් ගිනි ගත් බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    ‍රුසියානු හමුදාව මෙම ප්‍රහාරය සඳහා ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානාද යොදා ගෙන ඇති බව, යුක්‍රේන බලධාරින් පවසනවා. යුක්‍රේන හමුදාව පවසන්නේ, රුසියාවට අයත් ඩ්‍රෝන යානා 20 කට වැඩි ප්‍රමාණයක් බිම හෙළීමට සමත් වූ බවයි. අද එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් එක් පුද්ගයෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර, රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ද එහි ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදු වූ බව, රුසියානු බලධාරින් පවසනවා.

    Latest News