ඉලෝන් මස්ක් නැවැතත් අංක 1ට

ජූනි 02, 2023

    අමෙරිකාවේ ඉලෝන් මස්ක්, ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වීමට යළිත් සමත්ව තිබෙනවා.

    ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 192 ක්.

    බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයේ සිටින්නේ, ප්‍රංශයේ සුප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනෝල්ට්. සුප්‍රකට සුඛෝපභෝගී භාණ්ඩ සන්නාමයක් වන ලුවී විටෝන් සමාගමේ හිමිකරු ඔහුයි. ඔහු සතු වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 187 ක්. මීට පෙර ලොව ධනවත්ම පුද්ගලයින් ලෙස කිරුළු පැළඳ සිටි ඇමසොන් හිමිකරු ජෙෆ් බීසොස් සහ මයික්‍රොසොෆ්ට්හි බිල් ගේට්ස් පිළිවෙළින් මෙහි තුන්වැනි සහ සිව්වැනි ස්ථානවල පසු වනවා. ජෙෆ් බීසොස්ගේ වත්කම ඩොලර් බිලියන 146 ක් වන අතර, බිල් ගේට්ස්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 126 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News