තායිලන්ත මැතිවරණ ප්‍රතිඵලත් ළඟ ළඟම

මැයි 15, 2023

    තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා.

    එරට ප්‍රගතිශීලී විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ පූ තායි පක්ෂය සහ පෙරමුණ පක්ෂය ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.

    පෙරමුණ පක්ෂය, ඡන්ද මිලියන 13.5 ක් ද පූ තායි පක්ෂය මිලියන 10.3 ක් ද දිනා ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාරේ එක්සත් තායිප් ජාතික පක්ෂය ප්‍රමුඛ තායිලන්ත හමුදාවට හිතවාදී දේශපාලන පක්ෂ දැවැන්ත පසුබෑමක් පෙන්නුම් කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.

    ඔවුන් දිනා ඇති ඡන්ද ප්‍රමාණය මිලියන 4.5 ක් පමණ. තායිලන්තයේ තරුණ බලවේගය ලෙස සැලකෙන පෙරමුණ පක්ෂය පිහිට වූයේ 2020 වසරේදී.

    පූ තායි පක්ෂය, ෂිනවාත්‍රාගේ පවුලේ දේශපාලන බලවේගය ලෙස සැලකෙනවා. බලයෙන් පහ කළ හිටපු අගමැතිනී තක්ෂීන් ෂිනවාත්‍රාගේ දියණියයි, එම පක්ෂය මෙහෙයවන්නේ.

    ඒ අනුව, මෙවර මැතිවරණයේ ඇය ඉදිරියෙන් සිටීම ‍කැපීපෙනෙනවා. තරුණ නියෝජනයට සහ නව වැඩපිළිවෙළ රැසකට තායිලන්ත වැසියන් මෙවර මැතිවරණයේ දී ඉහළ ජනප්‍රියත්වයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

    Latest News