සංචාරකයින්ට රට විවෘත කිරීමට තායිලන්තය සූදානම්

ඔක් 13, 2021

    තායිලන්තය නොවැම්බර් මස 01 වැනිදා සිට සංචාරකයින් සදහා රට විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව එරට රජය පවසයි.

    ඒ අනුව බ්‍රිතාන්‍යය, චීනය, ජර්මනිය සහ අමෙරිකාව ඇතුළු කොරෝනා අවදානම අවම රටවල් 10ක සංචරකයින්ට එරටට පැමිණීමට අවසර හිමිවේ.

    තායිලන්ත බලධාරීන් සදහන් කරන්නේ, එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයන්ට නොවැම්බර් 01 වැනිදා සිට නිරෝධායන කාලසීමාවක් අවශ්‍ය නොවන බවයි.

    අවදානම් සහිත වුවද රටේ ප්‍රධානතම ආදායම් ක්ෂේත්‍රයවන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් - චාන් - ඕචා පවසයි.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 09:57

    Latest News