තවමත් පෙරමුණේ ඉන්න රෙසප්

මැයි 15, 2023

    තුර්කි ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති රෙසප් තායිප් එර්ඩෝගන් පෙරමුණේ පසු වනවා.

    ඔහු සියයට 49.34 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක කේමාල් කිලික්දරෝක්ග්ලූ සියයට 45 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන තිබෙනවා.

    මේ වන විට සියයට 92 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගණනය කර අවසන්.අවසන් නිල ප්‍රතිඵලවලට අනුව, යම් අපේක්ෂයෙකු සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත්, දෙවැනි වටයේ ඡන්දයකට යාමට සිදු වනවා.

    එය, සති දෙකකින් පැවැත්වීමට සිදු වනු ඇති. දැඩි උද්ධමනය සහ ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ල වී ඇති පසුබිමකයි, මෙවර තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වූයේ.

    මහ මැතිවරණ ප්‍රතිඵලවලින් ද මෙතෙක් ඉදිරියෙන් සිටින්නේ, වත්මන් ජනාධිපති එර්ඩෝගන්ගේ ඒ කේ පක්ෂයයි.ආසන 322 කින් සමන්විත තුර්කි පාර්ලිමේන්තුවේ, ආසන 266 ක බලය මේ වන විට ඒ කේ පක්ෂය දිනා ගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.41 ක්.

    Latest News