නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නෙන් 6ක් මරුට

මැයි 16, 2023

    ‍‍නවසීලන්තයේ නේවාසිකාගාරයක ඊයේ මධ්‍යම රාත්‍රි ඇති වූ ගින්නකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    එ‍රට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි. ගින්න හට ගෙන ඇත්තේ, වෙ‍ලින්ටන්හි ලෝෆර්ස් ලොප් නැමති සිව් මහල් නේවාසිකාගාරයක යි.

    ගින්න හට ගත් අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි බොහෝ පිරිසක් මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.  ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 20 ක් පමණ යොදවා තිබූ අතර, ඇතැමුන් ගින්නෙන් බේරීමට ඉහළ මහල්වල සිට බිමට  පැන තිබෙනවා.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී  නැහැ. මෙය සිතාමතා කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳ  විමර්ශනයක් ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 16 මැයි 2023 11:54

    Latest News