තායිලන්තයේ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට

ඔක් 07, 2022

    තායිලන්තයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වෙඩි තැබීම ඊයේ සිදු වුයේ ඊශානදික පිහිටි ළමා දිවා සුරුකුම් මධ්‍යස්ථානයකයි.

    මියගිය පිරිස අතර ළමුන් 23 දෙනෙකුද සිටින බව ඊයේ වාර්තා වුණා. තායිලන්ත පොලීසිය පවසන්නේ, වෙඩි තැබීමට අමතරව පිහි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. හිටපු පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීම හා පිහි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. 34 හැවිරිදි ඔහු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු දිවි හානි කරගත් බවයි පොලීසිය පවසනවා. ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඔහු විසින් ඝාතනය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් ඉකුත් ජුනි මාසයේදී ඔහු රැකියාවෙන් ඉවත් කිරීමටද එරට බලධාරීන් පියවර ගත්තා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීම සඳහා එරට ධජය අඩ කුඹු කර තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

    Latest News