අමෙරිකාවේ ලැව් ගිනි නිසා කැනඩාවටත් දුම

මැයි 12, 2023

    අමෙරිකාවේ ඇල්බර්ටා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන්, අමෙරිකාවේ මෙන්ම, කැනඩාවේ ද ප්‍රදේශ රැසක් දුමාරයෙන් වැසී යමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

    ඊයේ වන විට ඇල්බටාර් ප්‍රාන්තයේ සක්‍රීය ලැව්ගිනි 75 ක් ව්‍යාප්ත වෙමින් පැවති බවයි.

    ලැව්ගිනි 23 ක් පාලනය කළ නොහැකි තත්වයක පවතින බව, ප්‍රාන්ත රජය පවසනවා. ඉදිරි දිනවල කලාපයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි අතර, ලැව් ගිනි තවදුරටත් ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ඇල්බර්ටා ලැව් ගිනි මගින් නිකුත් වන දුමාරය කැනඩාවේ නැගෙනහිර කළාපය, ක්විබෙක් සහ ඔන්ටාරියෝ ප්‍රදේශ මෙන්ම, අමෙරිකා - කැනඩා දේශසීමා දක්වා ද ව්‍යාප්ත වී ඇති බවයි, එරට කාලගුණ විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් කඩිනම් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. මේ සතිය තුළ අවදානම් ප්‍රදේශවල 30,000 කට ආසන්න පිරිසක් පදිංචි නිවාසවලින් ඉවත් කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ, පාසල් 28 ක් වසා තබා ඇති බවයි. එම නිසා සිසුන් 6,000 කට වැඩි පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටින බව, වාර්තා වනවා.

    Latest News