ගාසා හි සරණාගත කඳවුරක ගින්නකින් 21ක් මරුට

නොවැ 18, 2022

    ‍ගාසා තීරයේ සරණාගත කඳවුරක් පිහිටි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් ‍දස දෙනෙකු දරුවන් බවයි, වාර්තා වන්නේ.



    ගාසා තීරයේ පිහිටි “ජාබාලියා” සරණාගත කඳවුරේ ඇති වූ ගින්නෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ගින්න ඇති වීමට හේතුව පිළිබඳ විමර්ශන ක්‍රයාත්මකයි. එහි නිලධාරියෙකු ප්‍රකාශ‍කළේ, සරණාගත ගොඩනැගිල්ලෙහි මුළුතැන් ගෙයකින් සිදු වූ ගෑස් කාන්දුවකින් ගින්න හට ගෙන ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වූ බවයි. මෙම සිදුවීම ජාතික ඛේදවාචකයක් ලෙස සලකා පස්තීනයේ අද ශෝක දිනයක්ද, ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    Latest News