ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර

ජූනි 16, 2021

    ඊශ්‍රායලය,ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනූව, ඉකුත් මැයි 21 වැනිදා ඇති කර ගත් සටන් විරාම ගිවිසුම මේ වන විට බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

    ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල බලධාරීන් පවසයි. ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාම ගිවිසුමකට එළඹුනේ දින 11ක් අඛණ්ඩව පැවති දරුණු ගැටුම් අවසන් කරමින්.


    පලස්තීනයේ සිට ගිනි අවුළුවන ලද බැලුම් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයට යැවීම මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ආසන්නතම හේතුව බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 16 ජූනි 2021 13:09

    Latest News