නැන්සි පෙලෝසි ධුරයෙන් ඉල්ලා අස් වෙයි

නොවැ 18, 2022

    අමෙරිකානු පාර්ලිමේන්තුවේ පළමු කථානායිකාව වූ නැන්සි පෙලෝසි, ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

    ඇය සැලකෙන්නේ, වඩාත්ම බලවත් ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකාව ලෙසයි.

    කථානායක ධුරයෙන් ඉවත් වුවද, තමා මන්ත්‍රී ධු‍රයේ අඛණ්ඩව කටයුතු කරන බව, නැන්සි පෙලෝසි ප්‍රකාශ කර තිබෙනවා. ඇය නියෝ‍ජනය කරන්නේ,  කැලිෆෝනියා දිස්ත්‍රික්කයි. රිපබ්ලිකන් පක්ෂයට පසුගියදා පැවති මැතිවරණයෙන් වැඩි බලයක් ලබා ගැනීමට හැකියාව ඇති බව, නිවේදනය කිරීමත් සමග ඇය ධු‍රයෙන් ඉල්ලා අස්වුණා. නැන්සි පෙලෝසි, ඉතා දැඩි මතධාරී දේශපාලන චරිතයක් වන අතර, අමෙරිකානු මතවාදය වෙනුවෙන් ඇය ඉතා ප්‍රබල ලෙස පෙනී සිටින කාන්තාවක්. පසුගියදා ඇය තායිවානයේ චාරිකා කළ අතර, ඒ පිළිබඳව ලොවපුරා දැඩි ආන්දෝලනයක් හට ගැනුණා.

    Latest News