වෙඩි හුවමාරුවෙන් වෛද්‍යවරයා මරුට

මැයි 22, 2024

    ගාසා තීරයේ උතුරු ජෙනින් ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. 

    ඒ අතර, වෛද්‍යවරයෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    වෛද්‍යවරයා, ජෙනින් ප්‍රදේශයේ රෝහල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.  මියගිය අනෙක් පිරිස අතර, 9 හැවිරිදි පිරිමි දරුවෙකුද සිටිනවා.  

    ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ජෙනින්හි හමාස් ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී පලස්තීන තුවක්කුකරුවන් සමග වෙඩි හුවමාරුවක් සිදුවූ බවයි.  මේ අතර,  බටහිර ඉවුරේ සිදු කෙරුණු මෙහෙයුමකදී ඊශ්‍රායල හමුදා භටයින් 6 දෙනෙකු ඇතුළු ඊශ්‍රායල ජාතිකයක් දස දෙනෙකුද මියගොස් තිබෙනවා.  

    පසුගිය කාලයේ ජෙනින් ප්‍ර‍දේශයේ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන සිවිල් වැසියන් 500 දෙනෙකුට ආසන්න පිරිසක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    Latest News