ඇමසන් ගිනිගැනීම් වාර්තාගත ලෙස ඉහළ යයි

අගෝ 21, 2019

    බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගිනි තැබීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. මේ බව සඳහන්ව ඇත්තේ එරට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිකුත් කළ නව දත්තවලට අනූවයි.

    එම ආයතනය පවසන පරිදි එහි චන්ද්‍රිකා දත්තවලට අනූව, 2018 වසරට සාපේක්ෂව මේ වසරේ ගිනි තැබීම 83%කින් ඉහළ ගොස් තිබේ. බ්‍රසීල ජනාධිපති ජයිර් බෙල්සොනාරෝ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානියාව ඉවත් කිරීමෙන් සති කිහිපයකට පසු නව දත්ත වාර්තා නිකුත් කර තිබෙන බවයි, වාර්තා වන්නේ.

    මේ අතර, ගින්නෙන් ඇති වන දුමාරය සාඩ් පවුලෝ නගරය හා එහි වටා පැතිර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

     

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 10:20

    Latest News