චීනයේ "ගුවැන්ෂූ" නගරයේ ජනතා විරෝධතා උග්‍ර වෙයි

නොවැ 16, 2022

    චීනයේ "ගුවැන්ෂූ" නගරයේ ජනතා විරෝධතා උග්‍ර වී තිබෙනවා. ඔවුන් පොලීසිය සමග ගැටුම් ඇති කර ගෙන ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    "ගුවැන්ෂූ" චීනයේ දකුණු දිග ප්‍රදේශයේ ප්‍රධාන කාර්මික නගරයක්. කො‍රෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් "වසා තැබීමේ නීතිය" ක්‍රියාත්මක කිරීම, ජනතා විරෝධයට හේතුවයි. ආසාදිතයන් ශූන්‍ය මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරනවා. "ගුවැන්ෂූ" ජනතාව පොලිස් නිල රථයක් පෙරලමින් වසා තැබූ ප්‍රදේශවල ස්ථාපනය කර තිබූ පොලිස් බාධක කඩා බිඳ දැමීමට ක්‍රියා කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ නිසා කැරලි මර්දන කණ්ඩායම් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. චීනයේ කොවිඩ් පාලන ප්‍රතිපත්ති එරටට පමණක් නොව, සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කර ඇති බවයි, පෙනී යන්නේ. ගෝලීය සැපයුම්දාම අඩාල වෙමින්, රටවල් රැසක උද්ධමන තත්වයක් හට ගෙන ඇත්තේ ද ඒ අනුවයි.

    Latest News