ඇමසන් වෙනුවෙන් ද.ඇමෙරිකානු රටවල් එක්වෙයි

අගෝ 29, 2019

    ඇමසන් ලැව් ගිනි හේතුවෙන් මතුව ඇති තත්වයන් පිළිබඳව ඉදිරියේ දී ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට දකුණු අමෙරිකානු රටවල් රැස්වීමට තීරණය කර තිබේ.

    බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ මේ බව පවසමින් කියා සිටියේ, ඇමසන් ගින්න සම්බන්ධයෙන් සියලු ක්‍රියා මාර්ග ගන්නා බවයි. ඇමසන් ලැව් ගින්නෙන් දැඩි හානි සිදුවූ බ්‍රසීලයේ ප්‍රාන්ත 9ක ආණ්ඩුකාරවරුන් විසින් ජාත්‍යන්තර ආධාර බාර ගන්නා ලෙස බ්‍රසීල ජනාධිපතිවරයාගෙන් දැඩි ඉල්ලීමක් කර තිබිණ. ජී7 රාජ්‍ය නායක සමුළුවේ දී ඇමසන් ලැව්ගිනි නිවා දැමීමේ පහසුකම් සැලසීමට අමෙරිකානු ඩොලර් මිලියන 22ක මුදලක් බ්‍රසීලයට පිරිනැමීමට යෝජනාවී තිබිණ.

    එහෙත්, බ්‍රසීල ජනාධිපතිවරයා එම අරමුදල් ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත්, කොන්දේසි කිහිපයක් යටතේ එම ආධාර ලබාගැනීමට ජනාධිපති බොල්සනාරෝ එකඟවී තිබේ. ලැබෙන ආධාර මුදල් භාවිතය තම රජයේ කැමැත්ත මත සිදුවිය යුතු බවත්, ඊට බාධා නොකළ යුතු බවත් ජනාධිපතිවරයා පවසයි. වැඩිදුරටත් ඔහු කියා සිටියේ, විදෙස් රටවල් ඊට මැදිහත්වීම් නොකළ යුතු බවයි.

     

    ඇමසන් වෙනුවෙන් ද.ඇමෙරිකානු රටවල් එක්වෙයි

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 08:21

    Latest News