ට්‍රම්ප් ජනපති සටනට

නොවැ 16, 2022

    ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 දී පැවැත්වීමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබෙනවා.

    ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයිති ‍ෆොරිඩාවේ  "මාර්ඒ ලා‍ර්ගෝ" වතු යායේ දේශනයක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.

    සිය ආධාරකරුවන්ට ඔහු පැවසුවේ, අමෙරිකාවේ ‍නැවත පැමිණීම දැන් ආරම්භ වන බවයි. අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ  සහ  කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමට  2024 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි, ඔහු කියා සිටියේ.

    රට විනාශ කිරීමට වෙර දන වාමාංශික රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන් පරාජය කරන බවට, රැස්ව සිටි ආධාරකරුවන් හමුවේ ඔහු ප්‍රතිඥා දුන්නා.

    Latest News