යුක්‍රේනයේ දකුණු කර්සෝන් නගරයෙන් රුසියානු හමුදා ඉවත් කර ගැනේ

නොවැ 10, 2022

    යුක්‍රේනයේ දකුණු කර්සෝන් නගරයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, එම නගරයට ආසන්න නීප්‍රෝ ගංගාවේ බටහිර ඉවුරේ ස්ථාන ගත වී ඇති රුසියානු හමුදාවන්ට දැනුම් දී ඇත්තේ, අදාළ ස්ථානවලින් වත් වන ලෙසයි.

    රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, කර්සෝන් නගරයේ සිටින තම හමුදා වෙත යුද සැපයුම් කර ගැනීමට අපහසු වී ඇති බැවින්, උපක්‍රමශීලීව පසු බැසීමට නියෝග කළ බව, සඳහන් කර තිබෙනවා. නීප්‍රෝ ගංගාවේ නැගෙනහිර ඉවුරේ ආරක්ෂක රැකවල් යොදා සිය හමුදා ස්ථාන ගත කර ඇති බව ද ඔහු කියා සිටියා. විදෙස් යුද විශ්ලේෂකයින් පවසන්නේ, යුක්‍රේනයේ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු හමුදාවන්ට පසු බැසීම හැර වෙනත් විකල්පයක් ‍නොමැති බවයි. මේ අතර, යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, දකුණුදිග කර්සෝන් නගරයෙන් රුසියානු හමුදා ඉවත් කර ගැනීම ගැන අදහස් දැක්වීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බවයි.

    තම ධඡය කර්සෝන් නගරයේ එස වෙන තෙක් රුසියානු හමුදාව ඉවත් වීමක් ගැන කතා කිරීම ඵලක් නොමැති කරුණක් බව, යුක්‍රේන බලධාරීන් අවධාරණය කරනවා. රුසියානු හමුදා භටයින් කිහිපදෙනෙකු තවමත් කලාපයේ රැඳී සිටින බවත්, සිය අඛණ්ඩ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු අණදෙන නිලධාරීන් අමතර හමුදා භට පිරිස් කැඳවා ඇති බවත්, යුක්‍රේන බලධාරීන් සඳහන් කරනවා.

    Latest News