යුක්‍රෙ‍්නයේ, කියෙව් අගනුවර උග්‍ර පානීය ජල හිඟයක්

නොවැ 01, 2022

    යුක්‍රෙ‍්නයේ කියෙව් අගනුවර මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් ඇති වී තිබෙනවා.

    රුසියානු ප්‍රහාරවලින් ප්‍රධාන පෙළේ ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක්ම අක්‍රිය වීම ඊට හේතුවයි.  කියෙව් අගනුවර ජල පාරිභෝගිකයින්ගෙන් 40% කට මේ වන විට ජලය නොලැබෙන බවයි, අගනුවර බලධාරීන් පවසන්නේ. එපමණක් නොව, නිවාස 270,000 ක විදුලිය ද ඇනහිට තිබෙනවා. රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ ප්‍රධාන පෙලේ යටිතල පහසුකම් සපයන ස්ථාන රැසක් මේ වන විට විනාශ වී තිබෙනවා. යුක්‍රේන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හැකි තරම් ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

    Latest News