හැලොවින් උත්සවය සැමරීම සඳහා ලක්ෂයක පමණ පිරිසක් සෝල් අගනුවරට පැමිණ සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ වන විට සිදු කෙරුණු පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, අනතුරට පෙර පුද්ගලයින් එකිනෙකා තල්ලු වී ඇති අතර, පටු මාර්ගයක් තුළ දී බොහෝ දෙනා අධික ලෙස තෙරපීමට ලක් වී ඇති බවයි.
අනතුරට ලක් වූවන්ට හදිසි ප්‍රතිකාර ලබාදී සිහිය ලබා ගැනීමට එහි සිටි බොහෝ දෙනා උත්සහ ගන්නා අයුරු දක්නට ලැබුණා. නමුත්, බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.
මෙම උත්සවයට පුද්ගලයින් පැමිණීම සීමා කර නොතිබූ අතර, මෙතරම් පිරිසක් සහභාගී වන බවට කිසිදු බලධාරියෙකු බලාපොරොත්තු නොවූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. "හැලොවින්" යනු අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක් සමරනු ලබන උත්සවයක්.
මලවුන් සිහිපත් කරමින්, යක්ෂයන්, මායාකරුවන් වැන්නවුන් නිරූපණය වන ලෙස විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ජනතාව හැලොවින් සමරනවා. දකුණු කොරියාව ද හැලොවින් දිනය උත්සවශ්‍රීයෙන් සමරනවා.
පසුගියදා සිදු වූ සිද්ධියෙන් මිය ගිය අය සිහි කරමින් දකුණු කොරියාවේ ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මිය ගිය අය අතර විදෙස් ජාතිකයන් 26 දෙනෙකු ද සිටින බවයි, වාර්තා වන්නේ.