වසර 3කදී මහ මැතිවරණ 5ක්

නොවැ 01, 2022

    ඊශ්‍රායලයේ යළිත් මහ මැතිවරණයක් පැවැත්වෙනවා.

    මෙය, වසර 3 ක් තුළ එරට මහ මැතිවරණයක් පැවැත්වෙන පස් වැනි අවස්ථාවයි. රට තුළ පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය ඊශ්‍රායලයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. එරට වේලාවෙන් අද උදේ 5.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරුණා. අද රාත්‍රි 8.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ජනතාවට අවස්ථාව හිමි වනවා.  

    ඊශ්‍රායලයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන්නේ, යායිර් ලපිඩ්. එරට හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙවර මහ මැතිවරණයෙන් යළි බලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. මැතිවරණ විශ්ලේෂකයන් පවසන්නේ, මෙවර සියලු අපේක්ෂකයන්ට සමාන අවස්ථා පවතින බවයි.

    මෙවර මැතිවරණයට ඉටමාර් බෙන් නැමති නව අපේක්ෂකයෙකු ඉදිරිපත්ව සිටින අතර, ඔහුට වැඩි වාසි ඇත්වීමේ යම් ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද, ඇතැම් වාර්තාවල සඳහන්. පලස්තීනයට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කරන්නේනම්, ඔහු බෙන්ජමින් නෙතන්යාහුට සහය දැක්වීමේ සූදානමක  පසුවන බවද, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එහිදී, සන්ධාන රජයක් පිහිටුවීමටයි, සිදු වන්නේ. කෙසේ  වුවද ඊශ්‍රායලයේ ඉකුත් වසර කිහිපය තුළ පිහිටුවාගත් සන්ධාන රජයන් සාර්ථක වූයේ නැහැ.

    Latest News