උතුරු කොරියා‍වෙන් තවත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් ALJAZEERA

උතුරු කොරියා‍වෙන් තවත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක්

ඔක් 28, 2022

    උතුරු කොරියා‍ව යළිත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් අද (28) සිදු කළ බව, දකුණු කොරියානු බලධාරීන් පවසනවා.

    නැගෙනහිර මුහුදු කලාපය දෙසට නව මිසයිල දෙකක් එල්ල වූ බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ, උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපය දෙසට එල්ල කර ඇති බවයි.

    උතුරු කොරියාව විසින් සිදු කරනු ලබන කෙටි දුර මිසයිල සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්වල නවතම පියවර ලෙස මෙම අත්හදා බැලීම සැලකිය හැකි බව, කොරියානු බලධාරීන් පවසනවා. උතුරු කොරියාවේ මෙම ක්‍රියා කලාපය ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමීපව නිරීක්ෂණය කරමින් රාජ්‍ය ආරක්ෂාව දැඩි කළ බවද දකුණු කොරියානු හමුදා ප්‍රධානීන් පවසනවා.

    Latest News