යුක්රේන බලශක්ති ජාලය ඉලක්ක කර දැවැන්ත රුසියානු ප්‍රහාර

ඔක් 23, 2022

    යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

    යුක්රේනයේ බටහිර, මධ්‍ය, දකුණ සහ නැගෙනහිර ප්‍රදේශවලට පහර දෙමින් "ඉතා පුලුල්" පරිමාණයෙන් ප්‍රහාර එල්ල වූ බව ඔහු පැවසීය.නිවාස මිලියන 1.5කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.

    එහෙත් රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා බොහොමයක් බිම හෙළමින් සිටින බවත් එවැනි ප්‍රහාර යුක්රේන හමුදාවේ ඉදිරි ගමන නතර නොකරන බවත් සෙලෙන්ස්කි මහතා පැවසීය.

    Latest News