මාඕ සේතුංගෙන් පසු බිහිවූ ප්‍රභල නායකයා නැවතත් ඡනපති වෙයි.

ඔක් 23, 2022

    පිටපිට තෙවරක් ‘කොමියුනිස්ට්’ පක්ෂ නායකත්වයටත්, චීන ජනාධිපති ධුරයටත් පත්වූ ෂී ජින්පින් චීනයේ ජනපති ලෙස තුන්වන ධුර කාලය සඳහාද පත්වී තිබේ.

    චීනය පාලනය කරනු ලබන්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂ විසිනි. ‘කොමියුනිස්ට්’ පක්ෂයේ සභාපතිවරයා රටේ නායකයා මෙන්ම සේනාධිනායකයා ද වෙයි. ඒ අනුව ෂී ජින්පින් මහතා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අතර එරට රජයේ තීරණ ගන්නා කමිටුවේ ද කටයුතු කරයි.හෙතෙම මාඕ සේතුංගෙන් පසු චීනයේ බිහිවුණු ප්‍රබලතම නායකයා ලෙස පිළිගැනෙයි.

    එරට කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුව චීනයේ බීජිං නුවරදී ඊයේ (22) අවසන් විය.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 12:21

    Latest News