යුක්‍රේනයේ කලාප 4ක් තම රටට ඈදා ගත් බවට, රුසියානු ජනපති කියයි

ඔක් 01, 2022

    යුක්‍රේන කලාප 4ක් තම රටේ භූමි ප්‍රදේශයට ඈදා ගත් බව, රුසියානු ජනාධිපතිවරයා පවසනවා. මෙම කලාප 4ට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත්, තම රටේ භූමි ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා එයට ගත හැකි සියුල ප්‍රතිප්‍රහාර දක්වන බව, රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු අඟවනවා.

    පසුගිය සතියේ යුක්‍රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙක්ට්ස්, සැපොරිෂියා, කර්සෝන් නැමති යුක්‍රේන කලාපවල ජනමත විමසුමක් පැවැත්වුණා. එහිදී විමසුමට ගැනුණේ එම කාලපවල සිටින පුරවැසියන් රුසියානු  භූමියට එක්වීමට කැමැත්ත  පළ කරනවාද යන්නයි.

    රුසියානු බලධාරීන් පෙන්වා දුන්නේ, ජනමත විමසුමේ ප්‍රතිඵලවලට අනුව රුසියාවට එක්වීමට බහුතර පුරවැසි කැමැත්ත පළ වී ඇති බවයි. එම යෝජනාවට ප්‍රතික්ෂේපව ලැබී ඇත්තේ සුළු ඡන්ද ප්‍රමාණයක් බව, නිකුත් වූ ජනමත  විමසුමේ ප්‍රතිඵල උපුටා දක්වමින් රුසියානු බලධාරීන් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මෙම ජනමත  විමසුම ස්වාධීන සහ අපක්‍ෂපාති නොවන බව, බටහිර රටවල් චෝදනා කරනවා.           .

    රුසියාව විසින් කිසිම ජත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායමකට මෙම ජනමත විමසුමේ නිරීක්‍ෂණය සඳහා අවසර ලබා දී තිබු‍ණේ නැහැ.

    මෙයින් සැබෑ ජනමතය යටපත් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා ක‍රන්නේ. ඊයේ දින ජනමත විමසුම සැලකිල්ල ගනිමින් ක්‍රේම්ලිනයේ විශේෂ උත්සවයක් පවත්වා,  ජනාධිපති ‍ව්ලැදිමීර් පුටින්ගේ අත්සනින් යුත් මෙම  කලාප 4 තම භූමියට අයත් කලාප ලෙස හඳුන්වා දුන්නා. රුසියාවට නව කලාප 4 ක් ඇති බවත්, එහි ජීවත් වන පුරවැසියන් සදහටම රුසියානු පුරවැසින් බව, රැස්ව සිටි ජනතාව අමතමින් කියා සිටියා.

    ක්‍රේමලිනයේ ශාන්ත ජෝඡ් ශාලාවේ දී සිය ගණනක් සම්භාවනීය අමුත්තන් ඉදිරියේ කළ කතාවේ දී ඔහු පැවසුවේ මෙම කලාපවල ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනතාවගේ කැමැත් වී ඇත්තේ රුසියාවට එක්වීම බවයි. එම නිසා සමස්ත ශක්තිය යොදා ගනිමින් තම භූමිය ආරක්‍ෂා කර ගැනීම සියලු රුසියානුවන්ගේ වගකීම බව, ඔහු අවධාරණය කර සිටියා. සතුරුකම් නතර කොට සාකච්ඡා මේසයට එළඹෙන ලෙස, යුක්‍රේන බලධාරීන්ට ඔහු, අරාධනය කළා.

    පුටින් ජනාධිපතිවරයාගේ තීරණයට  බටහිර රටවල් දැඩි චෝදනා කනස්සල්ල පළ කර තිබෙනවා. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම තීරණයට එරෙහිව නව සම්බාධක රුසියාවට පනවන බවයි.   

    නේටෝ සංවිංධානයේ මහ ලේකම් යෙන්ස් ස්ටෝල්ටන් බර්ග් පැවසුවේ පුටින් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මගින් රුසියා‍නු හමුදාවේ පරාජය සහ දුර්වලතාවය මෙමගින් පෙන්වා දෙන බවයි. යුක්‍රේන භූමිය හමුදා මෙහෙයුමකින් ලබා ගත නොහැකි නිසා යුක්‍රේන කලාප 4 ක් බලයෙන් රුසියාවට ඈදා ගැනීමක් ලෙස එමගින් පෙනෙන බව, ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

    Latest News