උතුරු කොරියාවෙන් මිසයිල අත්හදා බැලීමක්

සැප් 30, 2022

    උතුරු කොරියාව නැවතත් බැලැස්ටික් මිසයිල 2 ක් අත්හදා බලා තිබෙනවා.

    ඒ, අමෙරිකා උප ජනාධිපති, කමලා හැරිස් දකුණු කොරියානු ‍සංචාරයේ නිමවා සිය රට යමින් සිටියදී.
    උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් ඊයේ මුහුදට එල්ල කළා. අමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් දකුණු කොරියාවේ සංචාරයක නිරත වී, සිය රට බලා යමින් සිටින අතරතුරයි, මෙම දිග දුර මිසයිල අත්හදා බලා තිබෙන්නේ.

    උතුරු කොරියාවේ දකුණු "පොන්යෝන්" පළාතේ සිට නැගෙනහිර වෙරළ දෙසට එම මිසයිල එල්ල කෙරුණු බව, දකුණු කොරියානු හමුදාව පවසනවා. ජපාන හමුදාවද පැවසුවේ මෙම මිසයිල අත්හදා බැලීම ඔවුන්ට ද නිරීක්ෂණය වූ බවයි.

    Last modified on සිකුරාදා, 30 සැප්තැම්බර් 2022 19:38

    Latest News