නව අගමැතිගේ අයවැයෙන් බ්‍රිතාන්‍ය ආර් ථිකයට බාධා

ඔක් 01, 2022

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් විසින් ඉදිරිපත් කළ අයවැයෙන් පසුව එක්සත් රාජධානියේ ආර්ථිකයට බාධාවක් ඇති වී තිබෙන බව, ඇය  පිළිගෙන තිබෙනවා.

    පසුගිය සතියේ ඉදිරිපත් කළ  නව අයවැයට අනුව පවුම් බිලියන 45 ක බදු කප්පාදුව හෙළිදරව් කිරීමත් සමග අමෙරිකාව ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තා ගත ලෙස පහත වැටුණා. එංගලන්ත මහ බැංකුව විශ්‍රාම වැටුප් අරමුදල් රැස් කිරීමට ද, බිලියන ගණන් වියදම් කිරීමට සිදු වුණා.

    ලිස් ට්‍රස්ගේ මෙම බදු කප්පාදුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය කළමනාකරණ ක්‍ෂේත්‍රයේ සිටින විද්වතුන් දැඩිව විවේචනය කර තිබෙනවා.

    කෙසේ වෙතත්, "ද සන්" පුවත්පතට ලිපියක් නිකුත් කරමින් ඇය අවධාරණය කරන්නේ, ඉහළ යන ජීවන වියදම සම්බන්ධයෙන් මිනිසුන්ට උපකාර කිරීමට රජය තීරණාත්මක ප්‍රතිපත්තිවලට එළඹුණු බවයි.

    බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ඉහළ යන ජීවන මිලට සහනයක් සැලසීමට මෙම බදු කප්පාදුව සිදු කළ බව, ඇය අවධාරණය කළ සිටියා. බදු කප්පාදුව හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට යම් බාධාවක් ඇති වී තිබෙන බව, ඇය පිළිගෙන තිබෙනවා.

    Latest News