අද (16) වැඩිම කොවිඩ් ආසාදිතයන් ජපානයෙන්...

සැප් 16, 2022

    අද (16) දිනයේ ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන් වාර්තා වනවා.

    99,546 දෙනෙකු  එම පිරිසට ඇතුළත්. අදාළ කාලසීමාවේ ජපානයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  192 ක්.රට තුළ කොවිඩ් ආසාදිතයින්ගේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන බව, ජපානයේ සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ,  එන්නත්කරණ අනුපාතය ඉහළ අගයක පැවතුනද, ආසාදිතයින්ගේ කැපී පෙනෙන අඩු වීමක්  දක්නට නොලැබෙන බවයි.  කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ජපානයෙන් ආසාදිතයින් දෙකෝටියකට අධික පිරිසක්  වාර්තා වී ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 43,000 ඉක්ම වනවා.

    Latest News