මෙය අභියෝගවලින් සහ බලාපොරොත්තුවලින් පිරුණු යුගයක් - චීන ජනපති පවසයි

ජූනි 25, 2022

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ මුලසුන හොබවයි.

    ඊයේ (24) සවස බෙයිජිං නුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වූ ජනාධිපතිවරයා එහිදී දේශනයක් පැවැත්වීය. මෙය අභියෝගවලින් සහ බලාපොරොත්තුවලින් පිරුණු යුගයක් බව පෙන්වාදෙන ෂී ජින් පිං මහතා ලෝක සංවර්ධනයේ ප්‍රවණතාව හඳුනාගෙන, එක්ව ක්‍රියා කළ යුතු බව පැවසීය.

    ගෝලීය සංවර්ධනය උදෙසා හැකි සෑම උත්සාහයක්ම දැරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පොදු සමෘද්ධිය පදනම් කර ගත් සංවර්ධන රටාවක් නිර්මාණය කළ යුතුයැයි ද පෙන්වා දුන්නේය. චීනය ගෝලීය සංවර්ධන සහයෝගිතා සඳහා වන සම්පත් පුළුල් කරන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.

    ප්‍රායෝගික පියවර යොදා ගනිමින්, එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට චීනය අඛණ්ඩ සහාය දක්වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ. බ්‍රික්ස් රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයෝ සංවාදයට එක්ව සිටියහ.

    Latest News