චීන ජනපතිගෙන් සුබ පැතුම් 

ජන 01, 2024

    2024 නව වසර නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝ වැසි ජනතාවට සුබ ප්‍රාර්ථනා කරනවා. එම පණිවිඩය ඊයේ චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය ඔස්සේ නිකුත් කෙරුණා.

    2023 වසරේ පැමිණි ගමන් මගේ විවිධ දුෂ්කරතා හා අභියෝග ධෛර්වන්තව ජයගන්නට චීනය සමත් වූ බව ජනාධිපතිවරයා පවසනවා.

    සිවිල් ගුවන් යානා හා නෞකා නිෂ්පාදනය, අභ්‍යවකාශ හා මුහුදු ගවේෂණ මෙන්ම නවෝත්පාදන ඇතුළු ආර්ථික සංවර්ධනය අතින් චීනය සක්‍රිය ජයග්‍රහණ අත්පත් කිරීමට සමත් වූ බවද හෙතෙම කියාසිටියා.

    චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රිය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටුකරමින් සිටින බවද ඔහු පවසනවා. ලෝකයට සාමයත් සමෘද්ධියත් උදාවේවා යි චීන නායකයා සුබ ප්‍රාර්ථනා කරනවා.

     

    Last modified on සදුදා, 01 ජනවාරි 2024 13:15

    Latest News