යුක්‍රේන - රුසියා යුද්ධය ඇති වීමට අමෙරිකාව, වගකිව යුතු යි - උතුරු කොරියාව

සැප් 07, 2022

    රුසියාව, උතුරු කොරියාවෙන් යුද උපකරණ මිලදී ගන්නා බව, අමෙරිකාව පවසනවා.

    අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහි සම්බාධක පැනවීම හේතුවෙන්, මෙම තත්වය උද්ගත වී ඇති බවයි, අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ.

    රුසියාව, උතුරු කොරියාවෙන් මිලියන ගණනක රොකට් සහ කාලතුවක්කු උණ්ඩ මිලදී ගැනීමට සූදානම් බවට තොරතුරු පවතින බවයි, අමෙරිකාව පවසන්නේ. මෙමගින් යුක්‍රේන - රුසියා යුද්ධය තවත් දිගු කලක් පවත්වා ගෙන යාමට රුසියාවේ සැලසුමයි. මේ වන විට රුසියාව දැඩි ආයුධ සැපයුම් හිඟයක සිටින බවට මෙමගින් පැහැදිලි වන බවද, විදෙස් වාර්තාවල සඳහන්. යුක්‍රේන - රුසියා යුද්ධය ඇති වීමට අමෙරිකාව, වගකිව යුතු බවටයි, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චෝදනා කරන්නේ. ඒ සඳහා බටහිර රටවල අධිපතිවාදී ප්‍රතිපත්තිය මූලිකවම බලපා තිබෙනවා. රුසියාව සහ උතුරු කොරියාව අතර සමීප සබඳතා පවත්වාගෙන යාමටයි, දෙරටේ නායකයන් එකඟවී තිබෙනවා. පසුගියදා,  රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඒ සඳහා ප්‍රතිඥාවක් ද ලබා දුන් බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News