‍‍බංග්ලාදේශ අගමැතිනී ඉන්දීය චාරිකාවක....

සැප් 06, 2022

    ‍‍බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මේ දිනවල ඉන්දීය චාරිකාවක නිරත වනවා.

    එරට රාෂ්ඨපති භවන්හිදී ඇයට විශේෂ පිළිගැනීමක් සංවිධාන කර තිබුණා.  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබුවා. මෙම විශේෂ උත්සවය  පැවැත්වුණේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය ජනාධිපති ද්‍රව්පදි මුර්මු හමුවීමට පෙරාතුවයි. ද්‍රව්පදි මුර්මු ඉන්දීය ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කලාපීය රාජ්‍ය නායකයෙකු සමග  මුහුණට මුහුණ සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව  මෙයයි.  බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය උප ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ බවද, ඉන්දීය මාධ්‍ය  වාර්තාවල සඳහන්.

    Latest News