යුක්‍රේනයේ සැ‍පොරීෂියා න්‍යෂ්ටික බලාගාරය, UN නිරීක්ෂණයට

සැප් 02, 2022

    යුක්‍රේනයේ සැ‍පොරීෂියා න්‍යෂ්ටික බලාගාරය, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ ඒජන්සියේ නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වුණා.

    අන්තර් ජාතික පරමානු බලශක්තිය ඒජන්සිය තීරණය කර ඇත්තේ, නියෝජිත පිරිසක් එම පරිශ්‍රය තුළ දිගටම රඳවා තැබීමටයි.

    යුක්‍රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ යුද ගැටුම් ඇති වීම හේතුවෙන් එහි ආරක්ෂාවට දැඩි තර්ජනයක් පවතින බව, දිගින් දිගටම අවධාරණය කෙරුණා. එහිදී, රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා කර ගත් අතර, දෙරටේම හමුදාවන් කියා සිටියේ, ගැටුම් ඇති කිරීම අනෙකුත් පාර්ශ්වය විසින් සිදු කරනු ලබන බවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    Latest News