ඉන්දියාවේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව අද දියඹට

සැප් 02, 2022

    ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහන පළමු නෞකාව, අද දියත් කිරීමට නියමිතයි.

    එය නිෂ්පාදනය සඳහා ඉන්දියාවට වසර 13 ක් ගත වී තිබෙනවා.

    අයි එන් ‍එස් වික්‍රාන්ත් ලෙස නම් කර ඇති ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා 30 ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා. ටොන් 45,000 ක බරකින් යුත් නෞකාව, අඩි 860 ක් දිගින් යුක්තයි. මෙය, සැලසුම් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා සියලුම කාර්යයන් සිදු කළේ, ඉන්දියාවයි. නෞකාව, නිෂ්පාදනයට ඉන්දියානු රුපියල් බිලියන 200 ක් වැය වී තිබෙනවා. ගුවන් යානා ප්‍රවාහන නෞකාව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද දියත් කිරීමට නියමිතයි.

    Latest News