චීනයේ "චංඩු" නගරය ලොක් ඩවුන්

සැප් 02, 2022

    චීනයේ කොරෝනා වෛරස ව්‍යප්තිය මැඩලීම සඳහා "ශුන්‍ය - කොවිඩ් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව, එරට බලධාරීන් පවසනවා.

    එම වැඩපිළිවෙළ යටතේ චී‍නයේ "චංඩු" නගරය අඟුළු දැමීමට පියවර ගෙන තිබෙනවා.

    මේ යටතේ මිලියන 21 ක පමණ ජනතාවකට සිය නිවෙස් තුළම රැඳී සිටීමටයි, චීන බලධාරීන් නියෝග කර ඇත්තේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නි‍වෙසකින් එක් පුද්ගලයෙකුට පමණක් බැහැරව යාමට අවසර හිමි වනවා. "චංඩු" නගරයේ ඊයේ කොරෝනා ආසාදිතයින් 157 දෙනෙකු හඳුනා ගැනුණා. චීනයේ කෙ‍රෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා කොරෝනා ආසාදිතයින් වාර්තා වන එරට‍ නගරවල, දැඩි අඟුළු දැමීම් ක්‍රියාත්මක කළ යුතු බව, බලධාරීන් පවසනවා.

    Latest News