යුක්‍රේනයේ අවි ආයුධ ලඟ තබා ගැනීමට අවසර

අගෝ 15, 2022

    යුක්‍රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් අවි ආයුද නීතිගත කිරීමට පියවර ගන්නා බව, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

    ඔහු කියා සිටින්නේ හැකි ඉක්මනින් මෙම නීතිය ගෙන ඒමට කටයුතු කරන බවයි.

    ඇති වී තිබෙන අර්බුදය හමුවේ තම නිවාස ආරක්ෂා කරගැනීම සඳහා ගිනි අවි නීතිගත කිරීමට පියවර ගන්නා බවයි, යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ. ඉන් අනතුරුව, සාමාන්‍ය වැසියන්ට වෙළෙඳපොලෙන් ගිනි අවි මිළදී ගැනීමේ හැකියාව පවතිනවා. නමුත්, නව නීති සම්මත කරගැනීමෙන් පසු මහජනතාවට පොදු ස්ථානවලට ගිනි අවි රැගෙන ඒමට අවසර හිමි නොවනු ඇති. රුසියානු අර්බුධය හටගත් පසුගිය පෙබරවාරි 24 වැනි දින යුක්‍රේන බලධාරීන් විසින් හමුදාවන් භාවිත කරන වර්ගයේ ස්වයංක්‍රීය තුවක්කු දස සහසකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් අතර බෙදාදී තිබෙනවා. නමුත්, රුසියානු අර්බුදය හට ගැනීමට පෙර සිටම යුක්‍රේන වැසියන් අතර ලක්ෂ 30 ත් 50ත් අතර ලියාපදිංචි නොකළ ගිනිඅවි ප්‍රමාණයක් පැවති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News