ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නකින්, 40කට වැඩි පිරිසක් මරුට

අගෝ 15, 2022

    ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින්, පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.



    ඊජිප්තුවේ ගිසා හි පිහිටි මෙම දේවස්ථානයේ ගින්න හටගන්නා අවස්ථාවේ බැතිමතුන් පන්දහසකට වැඩි පිරිසක් දේව මෙහෙයට සහභාගී වෙමින් සිට ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොහෝ දෙනෙක් මියගොස් ඇත්තේ ගින්නෙන් ගැලවීම සඳහා දිවයන විට සිරවී තෙරපීමෙන් බවයි, බලධාරීන් පවසන්නේ. ගින්නෙන් දෙවස්ථානයේ ඇතුල්වීමේ දොරටුව අවහිර වී ඇති අතර, ඉන් අනතුරුව, ඒ තුළ සිටි පිරිස් කළබලවීම නිසා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළගොස් ඇති අතර මිය ගිය අය අතර දරුවන් සහ කාන්තාවන්ද සිටිනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි, සැක කෙරෙන්නේ. විදුලිය නොමැති අවස්ථාවක විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිතයෙන් විදුලිය ලබාගෙන තිබී ඇති අතර විදුලි බලය ලැබුනු වහාම ඇතිවූ අධික විදුලි සැපයුම ගින්නට හේතු වන්නට ඇති බවයි පැවසෙන්නේ.

    Latest News