රුසියානු හමුදාව, යුක්‍රේනයේ අවි ගබඩාවක් මුළුමණින්ම විනාශ කරයි

අගෝ 08, 2022

    රුසියානු හමුදාව, යුක්‍රේනයේ දකුණු දිග ප්‍රදේශයේ අවි ගබඩාවක් මුළුමණින්ම විනාශ කර තිබෙනවා.

    රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ, නේ‍ටෝ සංවිධානය යුක්‍රේනයට ලබා දුන් අවි විශාල ප්‍රමාණයක් එහි ගබඩා කර තිබූ බවයි.

    වොස්නේ‍සෙන්ස්ක් ප්‍රදේශයේ පිහිටි මෙම අවි ගබඩාව තුළ ටොන් 45,000 කට අධික යුද අවි ප්‍රමාණයක් ගබඩා කර තිබූ බවයි, රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ. ඊට අමතරව, තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි උණ්ඩ ගබඩා 5 ක් ද විනාශ කිරීමට හැකි වූ බව, රුසියානු හමුදාව පවසනවා.

    Latest News