චීනය, තායිවානය ආශ්‍රිත මුහුදේ යුද අභ්‍යාස ඉහළ නංවයි

අගෝ 08, 2022

    තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ පවත්වන යුද අභ්‍යාස ඉහළ නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.

    ඔවුන් පවසන්නේ, කහ මුහුද සහ බොහායි මුහුද ආශ්‍රිත කලාපයේ නව යුද අභ්‍යාස දෙකක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

    අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරයෙන් අනතුරුව, චීනය සහ අමෙරිකාව අතර මතභේද ඉහළ යමින් පවතිනවා. ඊට විරෝධය පළ කරමින්, චීනය, තායිවානය මුළුමණින්ම වට වන ආකාරයෙන් යුද අභ්‍යාස 5 ක් පසුගියදා ආරම්භ කළා. නව යුද අභ්‍යාස දෙක ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, එම අභ්‍යාසවලට අමතරවයි.

    Latest News