කොලොම්බියාවේ නව ජනාධිපති "ගුස්ටාවෝ පෙට්‍රෝ" දිවුරුම් දෙයි

අගෝ 08, 2022

    කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් "ගුස්ටාවෝ පෙට්‍රෝ" ඊයේ දිවුරුම් දුන්නා. එරට ප්‍රථම වාමාංශික ජනාධිපතිවරයා වශයෙන් ඔහු වාර්තා අතරට එක් වනවා.



    හැට දෙහැවිරිදි නව ජනධිපතිවරයා පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ, එරට වාමාංශික පක්‍ෂවල සහයෝගයද සමගයි. මේ වනවිට කොලොම්බියා පාර්ලිමේන්තුවේ බහුතර බලයද හිමිව තිබෙන්නේ, වාමාංශික පක්‍ෂවලට වන අතර, ඒ හේතුවෙන් ජනාධිපතිවරයාට ඉදිරියේදී පාර්ලිමේන්තුව සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි, විදෙස් පුවත් වාර්තා සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා පවසන්නේ, ඔහුගේ පළමු අභිප්‍රාය වන්නේ රටේ ජනතාවගේ කුසගින්න නිවීම බවයි. කොලොම්බියාවේ මිලියන 50 ක් පමණ වන ජනගහනයෙන් අඩක් පමණ දිළිඳුකමෙන් පෙළෙනවා. එසේම වෙනිසියුලාව සමග යළි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කිරීමටද පියවර ගන්නා බවයි, කොලොම්බියාවේ නව ජනාධිපති "ගුස්ටාවෝ පෙට්‍රෝ" මහතා පවසන්නේ.

    Latest News