මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම යළි පරාදයි

මාර් 13, 2019

    බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ තෙරේසා මේ ඉදිරිපත්කළ ගිවිසුම දෙවැනි වරටත් ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 149කි පරාජයට පත්විය. පක්ෂය ලැබුණේ ඡන්ද 242ක් පමණි.

    මේ මස 29 වැනිදා බ්‍රිතාන්‍යය,යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතයි. ඊට දින 16ක් තිබිය දී යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම නිසා අගමැතිනිය දැඩි අභියෝගයකට මුහුණපා සිටියි.

    තෙරේසා මේ මුල් යෝජනාව පසුගිය ජනවාරි 16 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය වැඩි ඡන්දයෙන් පරාජය විය.


    යුරෝපා සංගමය දැඩි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, අගමැතිනියට මෙම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා සහය පළ කරමින් සිටියි. කෙසේ වෙතත් යුරෝපා සංගම් සභාපති ඩොනල්ට් ටස්ක් කියා සිටියේ, ඊයේ පැවති ඡන්ද විමසීම පිළිබඳව තමා දැඩි ලෙස කණගාටුවවන බවයි.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 10:08

    Latest News