යුරෝපයත් 'බෝයිං' වාරණයකට එයි

මාර් 13, 2019

    යුරෝපය බෝයිං 737 මැකැස් - 8 යානය, වාරණය කිරීමට තීරණය කර තිබේ.

    යුරෝපා ගුවන් ගමන් ආරක්ෂාව සම්බන්ධ ආයතන විසින් මෙම වාරණය පැනවීමට තීරණය කර ඇති බවයි, වාර්තා වන්නේ. ඉතියෝපියාවේ සිට කෙන්යාව දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් මගීන් 157ක් සමග ගුවන් ගතව විනාඩි 6කින් පසු, කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුර හේතුවන්, අදාළ ආයතනය මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර ද මෙම වර්ගයේම යානයක් පසුගිය වසර අග භාගයේ ඉන්දුනීසියාවේ ජාවා මුහුදට කඩා වැටීමෙන් අනතුරුට ලක්විය.

    මෙම සිද්ධීන් දෙකම මුල්කර ගනිමින් එම යානාවල කිසියම් තාක්ෂණික ගැටලුවක් පවතින බවයි සැක කෙරෙන්නේ. ඒ හේතුවෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ගුවන් යානා වාරණය කිරීමට කටයුතු කරන බවයි, යුරෝපා ගුවන් ගමන් ආරක්ෂණ ආයතනය සඳහන් කළේ. එහෙත්, අමෙරිකානු ෆෙඩ්රල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන ඇත්තේ, බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා අනෙකුත් රටවල් අත්හිටවුවද, තමන් එම අත්හිටුවීම ප්‍රතික්ෂේප කරන බවයි.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 10:27

    Latest News